විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය කාලය තීරණයට නීති සම්පාදනය ගැන අවදානය

මෙරට සිසුවෙකුට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස රැඳී සිටීමට හැකි උපරිම කාල සීමාව නීතියෙන් නියම කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා උපාධි පාඨමාලාවට තේරී පත්වන සිසුන් වෙනත් බොහෝ ක්‍රියාකාරකම්වල නියැලෙමින් අධ්‍යාපන කටයුතු නොසලකා හරිමින් සිටින බවයි ඔහු පැවසුවේ. විශ්වවිද්‍යාලයේ තුන් අවුරුදු උපාධි පාඨමාලා සිසුන්ට උපරිම අමතර වසර එකහමාරක් දක්වා අධ්‍යයන කටයුතුවල නියැලීමට අවසර දෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අදහස් විමසීමෙන් අනතුරුව මෙම යෝජනාව රට තුළ නීතියක් බවට පත් කරන බවයි ඔහු කියා සිටියේ.

සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

“Mein Schiff 5” නමැති සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ මගීන් 2,030ක් සහ කාර්ය මණ්ඩලය 945ක් සමඟින්. කොළඹ වරායට පැමිණි ‘Mein Schiff 5’ සුඛෝපභෝගී නෞකාවේ මංගල ගමන මෙය බැවින් කපිතාන්වරයා කාර්ය මණ්ඩලය සහ වරාය නිලධාරීන් අතර සමරු ඵලක හුවමාරු කර ගැනීමේ උත්සවාකාර උත්සවයක් ද පැවැත්වීමට නියමිතයි. ‘Mein Schiff 5’ හි විශාලත්වය හේතුවෙන් එය මගී පර්යන්තය වෙනුවට නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම් ලා තිබෙනවා. සංචාරක නෞකාවක් නැඟෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම් ලා ඇති පළමු අවස්ථාව ද මෙයයි. යාත්‍රාවේ වැඩි පිරිසක් යුරෝපයෙන් පැමිණි මගීන් බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ. “Mein…

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. Twitter පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කරනවා. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශ සඳහා මෙලෙස අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් එමගින් සඳහන් කර ඇත්තේ.

අලි සබ්‍ අමෙරිකාවේ නිල සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද (29) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ ආරාධනයකට අනුවයි. අමාත්‍යවරයා සමඟ තවත් රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙකු එම සංචාරය සඳහා එක්ව සිටි බව කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළා. දෙසැම්බර් 4 වැනි දා දක්වා අමෙරිකාවේ රැඳී සිටින විදේශ අමාත්‍යවරයා එරට ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතයි.

අද ප්‍රදේශ කිහිපයකට පැය 12ක් ජල කප්පාදුවක්

අද (29) පෙරවරු 8:30 සිට පැය 12ක්, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද /නාගොඩ ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.  ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි එම මණ්ඩලය පැවසුවේ. 

අද වැසි සහිත කාලගුණයක්

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසානවා. එමෙන්ම බස්නාහිර පළාතේත් නුවර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Page 1 of 2457
1 2 3 2,457