අදත් වැසි පළාත් කිහිපයකට

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිරසහ උතුරු-මැද පළාත්වලස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු පළාතේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…

මාරක බස් රථ අනතුරක්…

ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ භටයන් පිරිසක් තැපැල් ඡන්දය භාවිත කිරීමට ප්‍රවාහනය තිබු බස් රථයක් පන්නල නගරයේදී ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ තවත් බස් රථයක ගැටී තිබේ. එම අනතුරින් ඇඟලුම් කම්හලේ සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බසයේ රියදුරු ජීවිතක්ෂයට පත් වූ බව අප වාර්තාකරු පැවසීය. බස් දෙක එකිනෙක ගැටීමෙන් පසු ඇඟලුම් කම්හලේ සේවිකාවන් පිරිස ප්‍රවාහනය කළ බසය තවත් ටිපර් රථයක ගැටී ඇති අතර ගුවන් හමුදා නිලධාරීන් ප්‍රවාහනය කළ බසය මාර්ගය අසළ පිහිටි ගොඩනැගිල්ලක ද ගැටී තිබුණි.

පෞද්ගලික අංශයේ සේවක වැටුප

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමු වේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ට මසකට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් ලබාදීම සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 8ක් හමුවෙයි

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 8 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2682ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අද දිනයේ හදුනාගැනුණු රෝගීන් 8 දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන්ය. ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මේ අතර මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2007 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද දිනයේ තවත් රෝගීන් 6 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය. ඒ අනුව තවත් රෝගීන් 656 දෙනෙකු රෝහල්ගතව…

විදුලි බිලේ අවසන් තීරණය

මාර්තු අප්‍රේල් සහ මැයි යන මාස වල එක් එක් බිල්පතෙහි වටිනාකම පෙබරවාරි මාසයේ බිල්පතේ වටිනාකමට වඩා වැඩිනම් පෙබරවාරි මාසයේ බිල්පතට සමාන මුදලක් බැගින් මාර්තු අප්‍රේල් සහ මැයි යන මාස සදහා අය කිරීම සහ එම බිල්පත් නිරවුල් කිරීම සදහා මස දෙකක කාලයක් ලබා දීම මාර්තු අප්‍රේල් සහ මැයි යන මාස වලට අදාළ බිල් පත් සදහා දැනටමත් ගෙවීම් සිදු කර ඇති පරිභෝගිකයින්ට ඉද්රියේදී බිල්පත් නිකුත් කිරීමේදී ඔවුන් විසින් වැඩි පුර ගෙවා ඇති මුදල හිලව් කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගැනීම යනාදී කරුණු මෙහෙදී සදහන් කරා..අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේදී බන්දුල…

Page 2155 of 2174
1 2,153 2,154 2,155 2,156 2,157 2,174