හෙට සිට විදුලිය විසන්ධි නොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කරයි

කෙරවලපිටිය හා නොරොච්චෝලේ විදුලි බලාගාරයන්හි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ තාවකාලික විදුලි විසන්ධි කිරීම හෙට (22) සිට සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. අලුත්වැඩියා කළ නොරොච්චෝල විදුලි බලාගාරය අද (21) දින ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය. ඒ අනුව එළඹෙන සෙනසුරාදා සිට විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය ජනතාවට පවසයි. පසුගිය 17 වැනි දින දිවයින පුරා විදුලි බිඳවැටීමක් සිදු වූ අතර, විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මේ විදුලිය බිඳ වැටීම සිදුවිය. ඒ අනුව පද්ධතියේ ජනන සැපයුම…

ඊයේ පාර්ලිමේන්තුවේදී මැති ඇමතිවරු දැක්වූ අදහස්

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඊයේ (20) පැවැත්විය. එහිදී මාධ්‍ය වෙත් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු අදහස් දක්වා සිටියා .එහිදී දැක්වූ අදහස්

උසස්පෙළට පෙළ පොත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය

උසස් පෙළ පන්ති සඳහා විෂයන් ගණනාවකට පෙළපොත් නොමැති වීම හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව රජය පවසයි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යය ජි.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ වර්ථමානයට ගැළපෙන ලෙස පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනයට ඉදිරියේ දි නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි. ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමග ඊයේ (20) අමාත්‍යංශයේ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී අමාත්‍ය මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය

ජනපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට ගැනීම සඳහා අද පාර්ලිමේන්තුව රැස්වේ

අද (21) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රී යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිතය. මේ අතර ලබන 27 සහ 28 යන දිනවල යළි පාර්ලිමේන්තුව රැස්වීමට ද, ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ. එම දෙදින තුළ පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්ව දිවා ආහාර විවේකයෙන් තොරව පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්විමට එහිදී තිරණය වු බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳව ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු…

ජාතික ක්‍රීඩා සභාව සදහා අලුතින් පත් කරන ලද සාමාජිකයින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා එක් වෙයි.

ගරු අමාත්‍යතුමාගේ ආරාධනයෙන් ජාතික ක්‍රීඩා සභාවේ අභිනව සාමාජිකයින් ඊයේ (20) සවස එහි සමාරම්භක රැස්වීමට එක්ව සිටියහ.නව ක්‍රීඩා සභාව  බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතිය නැවත ගොඩනැංවීම හා පුනර්ජීවනය කිරීම සඳහා අඛණ්ඩව දායක වූ අය වේ.ඊයේ (20) දින ගරු අමාත්‍යතුමා අතින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පත්වීම් ලද නව සාමාජිකයින්01.   මහේල ජයවර්ධන මහතා – සභාපති02.  කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික03.  ශවේන්ද්‍ර සිල්වා මහතා – කමිටු සාමාජික04.  රොවේනා සමරසිංහ මිය – කමිටු සාමාජික05.  සංජීව වික්‍රමනායක මහතා – කමිටු සාමාජික06.  ජූලියන් බෝලිං මහතා – කමිටු සාමාජික07.  යශ්වන්ත් මුත්තෙට්ටුවගම මහතා  – කමිටු සාමාජික08.  සුපුන් වීරසිංහ මහතා – කමිටු සාමාජික09.  කස්තුරි විල්සන් මිය – කමිටු සාමාජික10.  රුවන් කෑරගල මහතා –…

2020අගෝස්තු මස 21දින සඳහා කාලගුණ අනාවැකිය

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. කෙසේවෙතත්, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විටහමනපැ.කි.මි.40දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

Page 2174 of 2262
1 2,172 2,173 2,174 2,175 2,176 2,262