කොරෝනා කාලේ පරණ ජෝඩුව හිටියානම් වෙන දේ. විමල්

ගෝඨාභය රාජක්ෂ මහතා ජනාධිපති වූ නිසා කොරෝනා වෛයිරසයෙන් ජනතාව ආරක්ෂා වූ බව .කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා ඊයේ පැවති ජනහමුවකදී සදහන් කළේය . වැඩි දුරත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ . රටට සිදුවන අනතුරු කල් තියා දකින ,රටට පණ දෙන නායකයන්ගෙන් මැතිසබය පිරවිය යුතු බව ද සදහන් කළේය .

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු

මේ වන විට කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 519 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, ඉන් 419 කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් වන අතර 11 දෙනෙකු සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් බවය. එසේම 63 දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් බව හමුදාපතිවරයා සඳහන් කළේය. මීට අමතරව තවත් 16 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ. එසේම මෙරටින් වාර්තා වන නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2646ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (13) දිනයේ දී අලුතින් හඳුනාගැණුනු නව ආසාදිතයින් 29…

🛑 රාජාංගනයේ සංචරණය නවතා දමයි.. ✅ කන්දකාඩු පොකුර පාලනය සාර්ථකයි..

රාජාංගනය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමෙන් පසුව එම ප්‍රදේශ හුදකලා කොට සංචරණය සම්පූර්ණයෙන් ම නවතා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (13) සවස මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. කන්දකාඩු අසාදිත පොකුර සම්බන්ධයෙන් සෑහෙන වැඩ කොටසක් අවසන් කර ඇතැයි පැවසූ අනිල් ජාසිංහ මහතා, රෝගීන් හඳුනාගැනීම,ස්පර්ශකයින් හමුදා ගැනීම මෙන් ම නිරෝධායනයට ලක් කිරීම සාර්ථකව සිදු කර තිබෙන බව වැඩිදුරටත් පැවසීය. “රාජාංගනය ප්‍රදේශයට විශේෂ අවධානයක් මේ අවස්ථාවේ යොමු වී තිබේ. එම ප්‍රදේශයේ ට්‍රැක් 1,3,5 යන ප්‍රදේශවල සංචරණය සම්පූර්ණයෙන් ම නවතා දමා තිබේ.රාජාංගනයේ එම ඥාතියාගේ…

පළාත් කිහිපයකට අදත් වැසි..

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්ත වේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත්, සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික…

අද මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ගණන 2631 ක් දක්වා ඉහළට

අද මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ගණන 2631 ක් දක්වා ඉහළට ගොස් ඇත. වෛරසය ආසාදිතව මේ වන විට සුවය ලැබු පුද්ගලයින් ගණන 1981කි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 14කට කොරෝනා

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 14 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය. ඔවුන් එම මධ්‍යස්ථායේ විවිධ රාජකාරීන්වල නිරතවුවන්ය. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් ගණන 2631 ක් දක්වා ඉහළ ගොස් ඇත. වෛරසය ආසාදිතව මේ වන විට සුවය ලැබු පුද්ගලයින් ගණන 1981කි.

Page 2250 of 2262
1 2,248 2,249 2,250 2,251 2,252 2,262