නව කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන පත්වෙයි

09 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා අද පත්විය. ඒ ආණ්ඩු පක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවකට අනුවයි. එම යෝජනාව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවූ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.

නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව පත් වූ නවවැනි පාර්ලිමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) උත්සවාකාරයෙන් පස්වරු 3.00ට ආරම්භ වේ. නවවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භය අභිමානවත් හා චාම් ලෙස පැවැත්වීම වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සැලසුම් කර තිබේ. 20 වැනිදා පෙරවරු 9.30 ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පැවැත්වෙන අතර එහිදි ප්‍රථමයෙන්ම කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීම සිදුකෙරේ. ඉන් අනතුරුව අභිනව පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් දිව්රුම් දීමේ ප්‍රතිඥාව ලබාදිම සිදුවේ. එම කටයුතු සිදුකිරිමෙන් පසුව දේශපාලන පක්ෂ නියෝජිතයින් විසින් අභිනව කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ඇතුළු…

2020අගෝස්තු මස 20දින සඳහා කාලගුණ අනාවැකිය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ත්‍රිකුණාමලය, මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විටහමනපැ.කි.මි.40දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

කැබිනට් ප්‍රකාශකවරු පත්වෙයි

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් ප්‍රකාශක ලෙස පත් කර තිබේ. එසේම සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත්කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සිදුකර තිබේ.

තවත් උපාධිධාරීන් 10,000කට රැකියා වරම්

අද පැවති පළමු කැබිනට් දැනුම් දීමේ සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීම් නොලැබුණු තවත් 10.000කට පත්වීම් ලබාදීමට අද කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලබා දී ඇත ..පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ පිළිබද දැක්වූ අදහස්

Page 2262 of 2347
1 2,260 2,261 2,262 2,263 2,264 2,347