මැතිවරණ පැමිණිලි වැඩි වෙයි

August 29, 2024 - 2:10 PM
පූර්ව මැතිවරණ සමයේ ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (28) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 118ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අද (29) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම ජූලි 31 වනදා සිට අගෝස්තු 28 වනදා දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1,347ක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ එම නිවේදනය පහතින්,

(lknews.lk)