ලොව පුරා බිලියන 04කට මොළය ආශ්රිත රෝග
December 20, 2024 - 7:23 PM
මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සඳහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙක්ගෙන් යුත් සන්නාම තානාපතිවරුන් කණ්ඩායමක් ස්වෙච්ඡා සේවය සදහා ඊයේ (19) යොමු කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්රධානත්නවයෙන් රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී.
ලෝක ජනගහනය අතුරින් බිලියන 3.4ක් මේ වනවිට මොළයේ රෝගවලින් පීඩා විදින බව සහ මොළය ආශ්රිත රෝග 400 ක් පමණ මේ වනවිට හදුනාගෙන තිබෙනවා.
ඒ අතර ප්‍රධාන ලෙස අංශභාගය, ඩිමෙන්ෂියාව, මිග්රේන් ඇතුළු හිසරද රෝග, අපස්මාරය සහ දියවැඩියාව නිසා පර්යන්ත ස්නායුවලට සිදු වන බලපෑම ඇතුළත් බවයි සඳහන් වන්නේ.
මෙම වැඩපිළිවෙල සඳහා දායකත්වය ලබා දෙන්නේ ගෝලීය රෝගීන් වෙනුවෙන් පෙනී සිටින සන්ධානය (GPAC) සහ ප්රමුඛ ජාත්‍යන්තර සංවිධානය (Leading inte ational organization) යන සංවිධාන බවයි වාර්තා වන්නේ.
(lknews)