නයිජීරියාවේ වසංගතයකින් පුද්ගලයින් 13දෙනෙක් ජීවිතක්ෂයට

July 24, 2025 - 12:54 PM
නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ අනුව කොලරා රෝගය වැළදී ඇති තවත් පුද්ගලයින් 239දෙනෙක්ගේ තත්ත්වය බරපතල වන බවයි වාර්තා වන්නේ.

නයිජර් ප්‍රාන්තයේ දිස්ත්‍රික් හයක් පුරා මෙම වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නයිජීරියානු රජය විසින් මේ වන විට රෝග තත්ත්වය පාලනය කිරීම සදහා කටයුතු සිදු කරනු ලබන බවයි.

(lknews.lk)