උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

July 25, 2025 - 6:33 PM
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කොකාවිල් දුම්රිය ස්ථානය අසලදී අද (25) පස්වරුවේ කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය පාලක මණ්ඩලය සඳහන් කළා.

(lknews.lk)