ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන රග්බි තරඟය අද

May 10, 2025 - 2:55 PM
කි.ග්‍රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරඟය අද (10) කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟය ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතයි.

දීර්ඝ කාලයකට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් මෙරටදී තරඟ වැදුණු පළමු අවස්ථාව ලෙස සටහන් වූ මෙම තරඟ සංචාරයේ පළමු තරඟය පසුගිය සතියේ (මැයි 4) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එම තරඟය ලකුණු 50-10ක් ලෙස පහසුවෙන් ජයගැනීමට නවසීලන්තය සමත් වී තිබෙනවා.


(lknews.lk)