කුරුලු උයනේ හිමිකරු යළිත් රිමාන්ඩ්

July 25, 2025 - 12:11 PM
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරු එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සත්ත්ව ගොවිපළේ කළමනාකරු හා ගබඩා පාලකයාවරයා ද එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews.lk)