ලෝක රැකියා වෙළඳපොළට ගැලපෙන්න අධ්‍යාපනය වෙනස් කරනවා - නාමල්

September 08, 2024 - 11:27 AM
ලෝක රැකියා වෙළඳපොළට ගැලපෙන ආකාරයට අපේ රටේ අධ්‍යාපනය වෙනස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු වැඩිදුරත් පවසා සිටියේ, වසර දහයකට පහළවකට විස්සකට ගැළපෙන ආකාරයෙන් එළඹෙන වර්ෂ සඳහා රැකියා නිර්මාණය වන පරිදි අපේ රටේ තරුණ පරපුර නිර්මාණය කළ යුතු බවයි.

බණ්ඩාරවෙල, සුබ්‍රමනියම් ශාලාවේ පැවතී ජනරැලියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.


(lknews)