ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජනාධිපතිවරණ සහය කාටද

August 19, 2024 - 6:12 PM
එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීමෙන් අනතුරුව ඔවුන් සහය දක්වන්නේ කුමන පක්ෂයකටද යන්න තීරණය කරන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසනවා.

ඔවුන් මේ බව කියා සිටියේ ඊයේ (18) වවුනියාවේ පැවති රැස්වීමක් අතරතුරදීයි.   

එහිදී  පක්ෂයේ මතය කුමක්ද යන්න සම්බන්ධයෙන් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව ප්‍රකාශ කරන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් ප්‍රකාශ කළා.