ඇල්බේනියාවට Tik Tok තහනමක්

December 22, 2024 - 11:43 AM
Tik Tok ප්‍රවේශය වසරකට තහනම් කිරීමට ඇල්බේනියානු රජය විසින් තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම තහනම 2025 වසරේ ජනවාරි මාසයෙන් ආරම්භ වන බවයි.

පසුගිය මාසයේ පාසලක වයස අවුරුදු 14ක සිසුවෙක්ට සිදු කළ පිහි ඇනුමක් හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාළ පිහි ඇනුම හේතුවෙන් 14 හැවිරිදි සිසුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මිය ගිය සිසුවාට හෝ පිහි ඇනුම සිදු කළ පුද්ගලයාට Tik Tok  ගිණුම් තිබූ බවට කිසිඳු සාක්ෂියක් හමු නොවූ බව  Tik Tok ආයතනය ප්‍රකාශ කළා.

(lknews)