වියදම් වාර්තා නොදුන් ජනපති අපේක්ෂකයන්ට එරෙහිව නීතිය

October 14, 2024 - 9:56 AM
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 30දෙනෙක් මේ වන විට සිය වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබෙනවා.

එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඊයේ (13) පස්වරුව වන විට එම අපේක්ෂකයන් අදාළ වාර්තා භාර දුන් බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා ලබාදීමට ඇති කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වුණා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම කාලය තුළ අදාළ වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

(lknews.lk)