උද්දිකගෙන් මැති ඇමතිවරුන්ට සැර ප්‍රකාශයක්

September 08, 2023 - 12:45 PM
පාර්ලිමේන්තුවේ සිදු වන සාකච්ඡා වලින් රටේ මිනිසුන් සතුටට පත් කරන යුගයක් තව දුරටත් ඉදිරියට ගෙන යා යුතුද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (07) පාර්ලිමේතුවේ අදහස් දක්වමින්.

එහිදී කුමාර වෙල්ගම අමාත්‍යවරයා 'අපි ඔක්කොම හොරු' යනුවෙන් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ, එතුමාගේ හෘද සාක්ෂිය එලෙස කතා කළද, තමන් ඇතුළුව ඒ කුලකය නියෝජනය නොකරන බොහොමයක් පිරිසක් පාර්ලිමේතුව තුල නොමැති බවයි.

එමෙන්ම පැවැත්මක් ඇති නව ක්‍රමවේදයක් සකස් කිරීමට තමන් දේශපාලනයට පැමිණිය ද එය සිදු නොවීම නිසා ඔහු ස්වාධීන වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

රටේ ඇති නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය හුදු වචනාර්ථයකට පමණක් සීමා වී ඇති බව ද එහිදී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා සිහිපත් කරනු ලැබුවා.

නිසි ක්‍රමවේදයක් නොමැති වීමෙන් මෙරට බහුතරයක් රට හැර යන බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

රටක් භාරදිය යුත්තේ පුද්ගලයන්ට නොව ක්‍රමවේදයකට බව සිහිපත් කළ මන්ත්‍රීවරයා පැවසූවේ, ඇමරිකාවේ ජෝ බයිඩන් වැනි වැනි සිටිය ද එරට නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවයි.
(lknews.lk)