යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

May 06, 2025 - 10:07 AM
යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර ඩ්‍රෝන යානා 19ක් විනාශ කිරීමට සමත් වූ බවයි.

ප්‍රහාර හේතුවෙන් නගරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අගනුවර ප්‍රධාන ගුවන් තොටුපොළවල් සියල්ල තාවකාලිකව වසා දැමීමට රුසියාවේ ගුවන් සේවා නිරීක්ෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

රුසියාව ප්‍රකාශ කළේ අඛණ්ඩව දෙවන රාත්‍රියේදීත් යුක්‍රේනය රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි.


(lknews.lk)