ලාහෝර් හී පිපිරීම් කිහිපයක්

May 08, 2025 - 12:16 PM
අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

පිපිරීම් වාර්තා වී ඇත්තේ වෝල්ටන් ගුවන්තොටුපොළ අසල ගෝපාල් නගර් සහ නසීරාබාද් ප්‍රදේශවල බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය පවසන්නේ එම ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව නිවෙස්වලින් පලායන ආකාරය සහ ඒ අවට දුමින් පිරී ගොස් ඇති ආකාරය වාර්තා වී ඇති බවයි.

මූලික වාර්තාවලට අනුව, පාකිස්ථාන ගුවන් හමුදාවේ (PAF) පුහුණු අභ්‍යාසයක් අතරතුර මෙම පිපිරීම් සිදුවී ඇති අතර ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් තවමත් ලැබී නොමැති බවයි සඳහන් වන්නේ.

පිපිරීම් සිදුව ඇත්තේ පාකිස්ථාන නාවික හමුදා යුද විද්‍යාලයට ආසන්නව සහ ලාහෝර්හි ජනප්‍රිය මොඩල් ටවුන් උද්‍යානය අසල පිහිටි ඉහළ පෙළේ ප්‍රදේශයක බව වාර්තා වේ.


(lknews.lk)