සීතාවකට කෞතුකාගාරයක්

September 26, 2023 - 8:36 AM
සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ඊයේ (25) පැවති සීතාවක සිසු අරුණළු වැඩසටහනට එක්වෙමින්.

සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)