නවක වධය සිදුවීම සම්බන්ධයෙන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

May 06, 2025 - 11:47 AM
නවක වධය සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් දෙදෙනෙක් අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම විශ්වවිද්‍යාලයේම සිසුවෙක් නවක වධය නිසා පසුගිය දිනක සියදිවි නසා ගැනීමේ සිදුවීම මුල් කරගනිමින්.

සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව මේ දක්වා සැකකරුවන් 10දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


(lknews.lk)