වෑන් රථ අනතුරකින් 12ක් රෝහලේ
May 08, 2025 - 10:29 AM
මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අද(08) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 12දෙනෙක් තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
මෙම වෑන් රථයේ ගමන් කළ පිරිස කටුනායක ගුවන්තොටුපොළට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් බවත් ඔවුන් මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසය ප්‍රකාශ කළා.
අනතුරෙන් තුවාල ලැබු තුවාලකරුවන් 1990 ගිලන් රථ උපයෝගි කරගනිමින් ප්‍රදේශවාසින් හා පොලීසිය එක්ව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වන බවයි.
(lknews.lk)