දූෂණ මර්දන පනත බලපැවැත්වෙන දිනය මෙන්න

September 09, 2023 - 12:53 PM
දූෂණ මර්දන පනත සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මීට අමතරව අපරාධවලට ගොදුරු වූවන්ට සහ සාක්ෂිකරුවන්ට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට අදාළවද ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙම ගැසට් පත්‍ර දෙකම 2023 සැප්තැම්බර් 15 දින සිට බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)