නැවත දැනුම්දෙන තුරු ශ්‍රීලන්කන් - ලාහොර් ගුවන් ගමන් අත්හිටුවයි

May 08, 2025 - 12:44 PM
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා.

ඉන්දු - පාකිස්ථන් යුද ගැටුම් සමඟ අද (08) උදැසන පාකිස්ථානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා වී තිබුණා.


(lknews.lk)