නිත්‍යානුකූල නොවන මත්පැන්හල් ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්

September 08, 2023 - 1:28 PM
නීත්‍යානුකූල ලෙස මත්පැන් අලෙවි බලපත්‍ර දීමෙන් නීත්‍යානුකූල මත්පැන් අලෙවිය 50%කින් වර්ධනය වී ඇති බව වාර්තා වනවා.

එලෙස බලපත්‍ර නොදීමෙන් නීත්‍යානුකූල නොවන මත්පැන් අලෙවිය 500%කින් ප්‍රවර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කර තිබෙනවා.

මේ බව අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ විමසීමකිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් සඳහන් කළා.

ඒ අනුව දැනට මත්පැන් බලපත්‍ර 4,570ක් සුරා බදු දෙපාර්තුමේන්තුව විසින් ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවැසූවා.

එසේම සංචාරක අමාත්‍යංශයේ ඉල්ලීම මත 2022 වසරේදී මෘදු මත්පැන් බලපත්‍ර (බියර්) 538ක් ලබා දී ඇති බව සඳහන්.

මේ වන විට මත්පැන් බෝලතලයකට සියයට 75ක් බදු අයකරන බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව රජය මත්පැන් අලෙවිය ප්‍රවර්ධනය සඳහා කටයුතු කර නැති බව ද සිය ප්‍රකාශයේදී අමාත්‍යවරයා කියා සිටියා. 
(lknews.lk)