නෞකාවක් බෘක්ලින් පාලමේ ගැටෙයි

May 18, 2025 - 2:38 PM
මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් සිටියදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බවයි.

එම අනතුර සිදුවන අවස්ථාවේදී 277කට ආසන්න පිරිසක් නෞකාව තුළ සිට ඇති අතර ඉන් පුද්ගලයින් 22කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත් ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

අනතුරින් බෘක්ලින් පාලමට කිසිඳු හානියක් සිදුව නොමැති බව නිව්යෝර්ක් නගරාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

(lknews.lk)