වෙඩි ප්‍රහාරය ගැන උද්දික පාර්ලිමේන්තුවේදී කියයි

September 19, 2023 - 11:24 AM
රට තුළ පවතින ක්‍රමය විසින් තමාට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.

අද (19) පාර්ලිමේන්තුවේ දී තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ඔහු සඳහන් කළේ, මේ ක්‍රමය වැරද්ද, අපේ රටේ සමාජ ක්‍රමයත් වැරද්ද, දේශපාලනයත් වැරද්ද හේතුවෙන් මුළු රටම අද මේ තත්ත්වයට පත්වී ඇති බවයි.

මෙය වෙනස් විය යුත්තේ කොතැනින්ද යන්න හොයාගනිමේ වැදගත්කමද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

ඒ වෙනුවෙන් රටේ ජනතාවත් වැඩකළයුතු බව ද උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා සඳහන් කළා. 
(lknews.lk)