සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් 49ක් ජීවිතක්ෂයට

June 12, 2024 - 11:19 AM
අනවසර සංක්‍රමණිකයන් 200කට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක් යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යාමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතර කුඩා දරුවන් 6ක් සහ කාන්තාවන් 31ක් සිටින බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කටයුතු සම්බන්ධ ආයතනය ප්‍රකාශ කළා.  

බෝට්ටුවේ ගමන් ගත් තවත් 140 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(lknews)