විශේෂ පනත් කෙටුම්පතක් ගැසට් කරයි
May 30, 2025 - 11:30 AM
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග පරිදියි.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම, තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත සහ කැසිනෝ ආඥා පනත ඉවත් කිරීම, ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව සූදු ක්‍රීඩා නියාමන අධිකාරි පනත ලෙස හඳුන්වාදීමට නියමිතයි.
(lknews)