පලස්තීන තානාපති රියාද් මන්සූර් හඬාවැටෙයි

June 01, 2025 - 4:40 PM
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන තානාපති රියාද් මන්සූර් හඬාවැටී තිබෙනවා.

ඒ ගසා යුධ ගැටුම් හේතුවෙන් ජිවිත අහිමි වූ කුඩා දරුවන් පිළිබඳ සිහි කරමින් බවයි වාර්තා වන්නේ.

පසුගිය මාර්තු මාසයේදී ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අවසන් වීමෙන් පසුව මේ දක්වා ගාසා තීරයේ දරුවන් 1,300ක් ජිවිතක්ෂයට පත්වූ බව ප්‍රකාශ කළ අවස්ථාවේදී ද ඔහු එලෙස සංවේදී වී තිබෙනවා.

(lknews.lk)