සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද ප්‍රකාශයට
May 31, 2025 - 11:17 AM(2)(1)-(2).jpg)
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයන්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබූ කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
ඒ අනුව එම නම් සඳහන් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (31) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මඟින් පළාත් පාලන ආයතන වල ධූර කාලය 2025 ජූනි 2 වනදා ආරම්භ විය යුතු බවට නියම කර තිබෙනවා.
එම නියමයට අනුව පළාත් පාලන ආයතනවල ධූර කාලය ආරම්භ කිරීමට පෙර තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයන්ගේ නම් ගැසට් මඟින් පළ කළ යුතුව තිබෙනවා.
තේරීපත් වූ සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් මැයි 27 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
සභිකයන්ගේ නම් ගැසට් කිරීමෙන් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අදාළ පළාත් පාලන ආයතනයේ 50% වැඩි ඡන්ද ප්‍රතිතශයක් ලබාගත් පක්ෂය විසින් නම් කර එවනු ලැබූ පළාත් පාලන ආයතනයේ සභාපති සහ උප සභාපතිවරයාගේ නම් ද මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කිරීම සිදු කරනු ලබනවා.
(lknews)