ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ජනපතිට

August 18, 2024 - 5:26 PM
එළඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය රනිල් වික්‍රමසිංහට ලබා දීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.  

ඔහු මේ බව කියා සිටියේ අද (18) හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

(lknews)