රාජ්‍ය ආයතනවල ගෙවීම් ඩිජිටල්කරණය කිරීමට පියවර

December 28, 2024 - 10:54 AM
රාජ්‍ය ආයතනවල සියලු ගෙවීම් ඩිජිටල්කරණය කිරීමට පියවර  ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කර තිබෙනවා.

ඒ නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%-1.5%ත්  ප්‍රමාණයක් වැය වීම, වංචා සහ  දූෂණ වැඩි වීම සහ ගෙවීමේ කාර්යක්ෂමතාව පිළිබඳ ගැටළු ඇති වීම හේතුවෙන්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය ආයතන 16ක් සම්බන්ධ කර ගනිමින් GOVPAY යන යෙදවුම හරහා මෙම පහසුකම සලසා දී ඇති බවයි.

ජනවාරි මාසයේදී අනෙකුත් රාජ්‍ය ආයතන මේ සඳහා සම්බන්ධ කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(lknews)