Tansuo 3 නෞකාව සිය මංගල ගමන අරඹයි

December 27, 2024 - 5:07 PM
චීනය විසින් නිර්මාණය කරන ලද  Tansuo 3නම් ගැඹුරු සහ ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව අද (27) චීනයේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය ප්‍රථම ගමන ආරම්භ කර තිබෙනවා.

මෙය චීනයේ ප්‍රථම සංයෝගත්මක විද්‍යා ගවේෂණ නෞකාවද වන අතර සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක කටයුතු සිදු කිරීමට ප්‍රධාන වශයෙන් යොදා ගැනීමට නියමිතයි.

ඒ අනුව මෙම නෞකාව සතුව සමස්ථ පෘථිවි ගෝලය ආවරණය වන පරිදි ගැඹුරු හා ඈත මුහුදු කලාපවල ගවේෂණ සිදු කිරීම සහ ධ්‍රැවාශ්‍රිත අයිස් කලාපවල ගැඹුරු කිමිඳුම්වලදී  සහය සඳහා ලබාදීමේ හැකියාවද  පවතිනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ නෞකාවේ දිග මීටර් 104ක් පමණ වන අතර ජලොත්පීඩන පරිමාව ටොන් 10,000ක් පමණ වන බවයි.

(lknews)