ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීමට ජනපතිගෙන් උපදෙස්

December 28, 2024 - 6:44 PM
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අද (28) ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම යන ආයතනවල ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි.  

එහිදී මෙම ආයතන තුනේ ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කිරීමට ජනපති විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී ද්‍රව්‍ය රට තුළට ගෙන ඒම වැළැක්වීම, ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සහ නීති විරෝධී පුද්ගලයින් රටින් පිටවීම වැළැක්වීම යනාදිය සඳහා මෙය ක්‍රියාත්මක කරන බවයි.

(lknews)