කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

December 28, 2024 - 2:44 PM
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙරට ප්‍රධානතම අපනයන භෝගයක් වන කුරුඳුවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් ඉපයීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව සාම්ප්‍රදායිකව කුරුඳු වගා කර ඇති ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට අමතරව කුරුණෑගල, පුත්තලම සහ මහවැලි කලාප යන ප්‍රදේශවලද කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට නියමිතයි.

එමෙන්ම දැනට කුරුඳු අපනයනය තුළින් ලංකාව වසරකට ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක් ලබන අතර එම අදායම දෙගුණ කිරීමට කටයුතු සූදානම් කරන බවද කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනක ලින්දර ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට චීනය සමඟ කුරුඳු අපනයනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව සහ 2025 වසරේ ජනවාරි මාසයේ සිට චීනයට කුරුඳු අපනයන කළ හැකි බවයි.

(lknews)