ලක්ෂ 07කට අධික පිරිසක් තැපැල් ඡන්දයට සුදුසුකම් ලබයි

August 20, 2024 - 10:48 AM
මෙවර  ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ලබා ඇති පිරිස ලක්ෂ 07 ඉක්මවා තිබෙනවා.   
 
ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් එම පිරිසට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

එළැඹෙන ජනාධිපතිවරණයේදී තැපැල්  ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් 4 වනදා දින නියම කර තිබෙනවා.  

ඒ අනුව සෙසු රාජ්‍ය සේවකයින් සඳහා සැප්තැම්බර් 5 සහ 6 යන දින දෙක තුළ ඡන්දය ප්‍රකාශය කිරීමට හැකියාව පවතිනවා.
 
සැප්තැම්බර් 11 සහ 12 දෙදින වෙන්කර ඇත්තේ පෙර දිනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට නොහැකිවූ අය සඳහායි.

(lknews)