නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය අද

September 08, 2024 - 8:54 AM
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද පෙ.ව. 8.00 සිට ප. ව. 6.00 දක්වා එම කටයුතු සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම් පසුගිය 03වනදා ආරම්භ වූ අතර, මේ වනවිට ලක්ෂ 30ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් බෙදාහැර තිබෙනවා.

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම් කටයුතු මේ මස 14වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.


(lknews)