මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය කරන දිනය මෙන්න

June 18, 2024 - 2:55 PM
2024 දෙවන විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වනදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු පවසනවා.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වනදා දක්වා භාරගන්නා බව ඔහු කියා සිටියා.

එමෙන්ම වාචික අදහස් විමසීම ජූලි මස 9 වනදා පැවැත්වෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(lknews)