තේ වත්තකින් අභිරහස් මළ සිරුරක් හමුවෙයි

July 02, 2025 - 5:31 PM
බගවන්තලාව, කොටියාගල වත්තේ පහළ කොටසේ තේ වත්තක තිබියදී අද (02) නාදුනන මළ සිරුරක් හමුවී තිබෙනවා.

වතුයායේ තේ දළු නෙළමින් සිටි කම්කරුවන් පිරිසක් විසින් එම මළ සිරුර දැක ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(lknews.lk)