ඉරාන - ඊශ්‍රායල සටන් විරාම ගිවිසුම කඩ කරමින් ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාරයක්

June 24, 2025 - 2:39 PM
ඉරාන - ඊශ්‍රායල යුද්ධය සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය විසින් කඩ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන කාලසීමාවේදී ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාර දියත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඉරානය සිදු කළ පහරදීමට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් බවයි.

එමෙන්ම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට එරෙහිව බලගතු ප්‍රචාරයක් දක්වන ලෙස තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

(lknews.lk)