ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

July 01, 2025 - 1:04 PM
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැවැත්වෙන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරම්න් සඳහන් කර තිබෙනවා.

2025 අයවැය යෝජනා ක්‍රමය යටතේ අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60වැඩි පුද්ගලයන් සුදුසුකම් ලබනවා.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැම්පතු අද (01) සිට දෙසැම්බර් 31වනදා දක්වා කාලය තුළ විවෘත කළ හැකි අතර එවැනි සියලුම තැම්පතු සඳහා මාස 12ක ස්ථාවර තැම්පතු කාලයක් තිබිය යුතුයි.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීමට රුපියල් මිලියනයක වසරක ස්ථාවර තැම්පතු සඳහා වෙළඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා 3%ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවයි.

(lknews.lk)