ඇඳුම් ගැලවීමක් පාර්ලිමේන්තුව උණුසුම් කරයි

September 19, 2023 - 12:08 PM
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී ඇමතිවරයෙක් සභාවට නොගැලපෙන ඇඳුමක් හැඳ සිටි බව පාර්ලිමේතු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

අදාළ ඇමතිවරයා තමන් හැඳ සිට කබාය ගලවා දමා සභාව තුල සිට ඇති බවයි ඔහු සඳහන් කළේ

මෙහිදී ඔහු පැවසූවේ වැරදි යට ඇඳුමක් හැඳගෙන පැමිණ එය පාර්ලිමේතුව තුල මාරු කිරීමට හැකි නම් එය සභාව තුලට නුසුදුසු බවයි

ඒ හේතුවෙන් අදාළ ඇමතිවරයාගේ ඡන්දය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා

කථානායකවරයා ඊට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ එය කිසි සේත්ම සිදු කළ නොහැකි බවයි.
(colombotimes.lk)