ආසන පටි නීතිය කල් දමන ලෙස බස් සංගම්වලින් ඉල්ලීමක්
June 29, 2025 - 1:28 PM
බස් රථ රියදුරන් සඳහා ආරක්‍ෂිත ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ පැරණි බස් රථවල ආසන පටි නොමැති බැවින් ඒවා සවි කර ගැනීමට කාලයක් අත්‍යාවශ්‍ය වන බවයි.
අනිද්දා සිට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල පසුගියදා සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළේ අදාළ නිතිය ක්‍රියාත්මක විය යුතු වුවද ඊට මැදිහත්වීමට ජාතික ගමනාගමන කොමිසමට බලයක් නොමැති බවයි.
(lknews.lk)