සුළු හා මාධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය යෝජනා ක්‍රමයක්
June 30, 2025 - 7:16 PM
වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 07%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතුයි.
සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එමඟින් බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6,500ක් බවයි.
මෙම ණය ලබාගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුයි.
(lknews.lk)