ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ සතියේ එළිදක්වයි

August 27, 2024 - 4:54 PM

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළඹෙන 29 වනදා එළිදැක්වීමට නියමිතයි.

ඒ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී.

'පුලුවන් ශ්‍රී ලංකා' යන දැක්ම මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.