කොළඹ වරායට සුපිරි නෞකා දෙකක් පැමිණෙයි
December 28, 2024 - 8:27 PM
දිවයිනට පැමිණි චීන නාවික හමුදාවේ Peace Ark රෝහල් නෞකාව අද (28) සිය නිල සංචාරය නිමා කරමින් පිටව ගොස් තිබෙනවා.
එහිදී රෝහල් නෞකාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය දෙපාර්තමේන්තුව එක්ව නෞකාව තුළදී වෛද්‍ය ප්‍රතිකාර, වෛද්‍ය සායන සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර වැඩසටහන් රැසක් පැවැත් වූ බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා 1,500කට අධික පුද්ගලයන් පිරිසක් සහභාගී වූ අතර 250කට අධික ත්‍රිවිධ හමුදා පුද්ගලයන් පිරිසක්ද සහභාගී වී ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
මේ අතර ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA-CORVETTE වර්ගයට අයත් KRI SULTAN ISKANDAR MUDA-367 නෞකාව අද (28) නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි බවයි සඳහන් වන්නේ.
(lknews)