2023ට සාපේක්ෂව මෙවර ඡන්ද දායකයන් ලක්ෂ 2ක් වැඩි වෙයි

June 19, 2024 - 3:51 PM
2024 නව ඡන්ද හිමි නාමලේඛනය යටතේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව ඡන්ද නාමලේඛනය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් ලබන 15 වනදා වන විට අවසන් ලේඛනයට අත්සන් කිරීමට කොමිසම කටයුතු කරමින් සිටින බවත් වාර්තා වනවා.

මැතිවරණ කොමිසම අපේක්ෂා කරන්නේ 2023 වසරේ ඡන්ද නාමලේඛනයට සාපේක්ෂව මෙවර නව ඡන්ද දායකයන් ලක්ෂ 2කින් පමණ වැඩිවනු ඇති බවයි.

ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලබන මස 17 වනදා සිට මැතිවරණ කොමිසමට ලැබෙනවා.

(lknews)