ජනාධිපතිගේ වැඩ බලන්න සිව් දෙනෙක් පත් කරයි

September 13, 2023 - 11:09 AM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින ‍කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරුන් සිව් දෙනෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සේවා අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතාත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතායි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) අළුයම කියුබානු සම අමෙරිකානු සංචාර සඳහා දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ කියුබාවේ පැවැත්වෙන G7 සමුළුවට සහ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරයට සහභාගි වීම සඳහායි.
(lknews.lk)