හරක් කටාට පොලිස් නිලධාරිනියන්ගෙන් සැලකුම්

September 17, 2023 - 5:51 PM
හරක්කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් එම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට ගෙවා ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

ඒ, තමන්ට අවශ්‍ය දේශීය සහ විදේශීය දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී එක් ඇමතුමක් වෙනුවෙන්.

ඔහුට අවශ්‍ය කරන සියලුම සුඛෝපභෝගී ආහාරපාන ලබාදීමට ඇතැම් නිලධාරීන් කටයුතු කර තිබූ බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

එමෙන්ම පොලිස් නිලධාරිනියන් හරක්කටාට තම නිවසින් සකස් කර ආහාර පාන බත් පාර්සල් පවා ගෙනැවිත් දී ඇති බව ද හෙළිවී තිබෙනවා.

මේ සියලු උපකාර වෙනුවෙන් හරක්කටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් සහ වටිනා දේ ලබාදී ඇති බව ද විමර්ශනවලදී හෙළිදරව් වූ කරුණු අතර වනවා.

හරක්කටාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායෑමේ සැලසුමට උදව් උපකාර කළ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර පොලිස් කණ්ඩායම් 4ක් ඔහු සොයා විමර්ශන පවත්වන බව සඳහන්.
(lknews.lk)