ජෝර්දානයේ රැකියාවට යන කාන්තාවන්ට නව රක්ෂණාවරණයක්

September 16, 2023 - 5:52 PM
ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සඳහා නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබෙනවා. 
ඒ අනුව අදාළ රැකියාව සඳහා ශ්‍රමික කාන්තාව බඳවාගනු ලබන සේවා යෝජකයා විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු වනවා. 
 
විදේශ රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුයි. 
 
ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන් මෙම රක්ෂණාවරණය ලබාගැනීම අනිවාර්ය වන අතර, ඒ සඳහා ජෝර්දාන් රජය විසින් අනුමත කර ඇති රක්ෂණ යෝජනා තුන අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට අවස්ථාව තිබෙනවා. 
 
රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුරදී අදාළ ශ්‍රමිකයා මිය ගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් මෙමගින් රක්ෂණ වන්දි වශයෙන් පිරිනමනු ලබනවා. 
 
මෙයට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහාද රක්ෂණ වන්දි හිමි වනවා.
(lknewss.lk)